Published
පසුගිය පැය 24 තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා ද්‍රෝණි 3ක පහත් බිම්වලට අධි ගංවතුර තත්ත්වයන් පිළිබද රතු නිවේදන නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ කුඹුක්කන් ඔය, ගල්ඔය සහ දැදුරුඔය යන ගංගා ද්‍රෝණි ආශ්රිත පහත් බිම්වල ජනතාවට අධි ගංවතුර තත්ත්වයන් පිළිබද රතු නිවේදන නිකුත් කර ඇති බවයි.




