Published
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද පස්වරු එකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර වාන් මට්ටමේ පවතින ඇතැම් ජලාශවල ජලමට්ටම් පහත දැමීම සදහා ඇතැම් අවස්ථාවල අවම මට්ටමින් ජලය නිදහස් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වාන් දොරටු විවෘත කරන අවස්ථාවලදී ජල ගැලීමක් සිදු නොවුනද ගංගා පරිහණය කිරීමේදී සැලිකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා ඉල්ලා සිටියේ.



