ගතවූ කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඒ යටතේ බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමටද කැපවූ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලඥයින් බිහි කිරීමට ජනාධිපතිවරයාට හැකි වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් රටේ ජනතාව අපේක්‍ෂා කළ දේ ඉටු කිරීමට ජනාධිපතිවරයාට මෙතෙක් නොහැකි වී ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ. විපක්ෂය නඟන චෝදනාවලට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.