ගෙවුණු මාස 06 තුළ රට තුළ වෙඩි තැබීමේ සිදුවීම් 62ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වී ඇති පුද්ගලයින් ගණන 34ක්.

සිදුවී ඇති අදාළ වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කළ වෙඩි තැබීම් 44ක් වාර්තා වන බවයි පොලීසිය පවසන්නේ.

පාතාල කල්ලි සාමාජිකයින් තැබූ එම වෙඩි තැබීම් 44න් පුද්ගලයින් තිස් දෙදෙනකු මියගොස් තිබෙනවා.

මේ අතර ඉකුත් දින දෙක තුළ දිවයින පුරා වෙඩි තැබීම් තුනක් සිදු වුණා. ඉන් පළමු වැන්න කඳාන පොලිසිය ඉදිරිපිට දී සිදු වූ අතර එහිදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු එම වෙඩි ප්‍රහාරයට ලක් වූ බවයි පොලීසිය පැවසුවේ.

එහිදී ඉලක්කය වී තිබුණේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනෝහර නොහොත් වැලි සමීර නමැත්තායි.

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවීතක්‍ෂයට පත් වුණා.

සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩිතැබීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙක් බවටයි අනාවරණ වුණේ.

මේ අතර තැන තැන සිදු වන වෙඩි තැබීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගෙන් ප්‍රශ්න කළා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූයේ මෙවන් අදහසක්.