Published
ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයකු වන හසිත රොෂාන් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය විසින් කළ ඇප නියෝගයකට අනුව මෙම සැකකරු අප මත මුදා හැරීමට නියම කෙරුණා.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට අවවාද කර තිබෙනවා.
ගනේ මුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලායාමට වාහනයක් ලබා දී ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට මොහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.