Published
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව එදින පෙරවරු 10.00 සිට රාත්‍රී 08.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ. නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය සහ බටලීය එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ කිහිපයක් වනවා. එමෙන්ම අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය සහ ඇලමුල්ල ප්‍රදේශවලද අනිද්දා පෙරවරු 10.00 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.