ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන්. ඒ අනුව අද පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා වූ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ. ඒ අනුව නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම සහ රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනවා. එමෙන්ම බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලටද අද පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.