Published
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා. ඒ, බලශක්ති දූෂණ විරෝධී එකමුතුවේ සභාපතිවරයා ලෙසයි. එ ම හමුව සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි.
සහස්දනවි නමින් ස්වභාවික ගෑස් විදුලි බලාගාරයක් ලෙස හඳුන්වමින් මෙගාවොට් 300ක ඩීසල් විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට ඉකුත් ජනවාරි මස 3 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එය ලාභදායී ව්‍යාපෘතියක් බව පෙන්වීමට සම්පූර්ණයෙන්ම වැරදි දත්ත අමාත්‍යමණ්ඩල පත්‍රිකාවේ යොදා ඇති බවත් උදය ගම්මන්පිල මහතා එහිදී කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා.