Published
ඩුබායිහි පැවති කාර්ට් ඩ්‍රෝම් එන්ඩියුරන්ස් ශූරතා තරඟාවලියට සහභාගී වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගෝ කාර්ට් කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියා.
ඔවුන් ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගෝ කාර්ට් කණ්ඩායම එම තරඟාවලියේ රුකී අංශයෙන් තුන් වන ස්ථානය දිනා ගෙක තිබෙනවා.
තරඟාවලියේ ජීව ගුණය රඳවාගෙන තරඟ කිරීම වෙනුවෙන් මෙම තණ්ඩායම “ස්පිරිට් ඔෆ් ද ඉවෙන්ට්” සම්මානය ද දිනා ගැනීමට සමත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කාර්ට් ඩ්‍රෝම් එන්ඩියුරන්ස් ශූරතා තරඟාවලියට ලෝකයේ රටවල් 40ක් නියෝජනය කරමින් කණ්ඩායම් පැමිණ සිටි අතර පාසලක් නියෝජනය කරමින් සහභාගී වූ එකම කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෝ කාර්ට් කණ්ඩායම වීම විශේෂත්වයක්.




