ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පසුගියදා නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කර සිටියේ.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂක එච් ටී එම් තුෂාර මහතා ස්ථාන මාරු කර තිබෙනවා.
වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ඔහු ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පසුගියදා නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධිය මුල් කරගෙන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වුණේ.
එම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් කටයුතු කළ ආකාරය පිළිබඳවද පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මකයි.




