කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් මගීන් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය පැවසුවා.

කෑගල්ල සිට වේරගොඩැල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත්තේ අද අලුයම 05ට පමණයි.