ග්රාම නිලධාරීණියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරන මන්ත්රීවරයායි.
පසුගිය 05 වනදා තමන් ආපදා රාජකාරි කටයුතු සදහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අදාල මන්ත්රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුවූ බවත්, එම අවස්ථාවේදී මන්ත්රීවරයා තමන්ට බැන වැදුණු බවත් ග්රාම නිලධාරීවරිය පොලීසියට පවසා තිබෙනවා.
තමන් මේ බව මුන්දලම ප්රාදේශීය ලේකම්වරියව දැණුවත් කළ බවත්, ඉකුත් 08 වනදා පැවති ආපදා කමිටු රැස්වීමෙන් පසුවද අදාල මන්ත්රීවරයා තමන්ට දූරකතනයෙන් කතා කර බැන වැදුණු බවත් ග්රාම නිලධාරීනිය පැවසූ බවයි පොලීසිය පැවසුවේ.
ලැබී තිබූ පැමිණිල්ල සදහා කරණ ලද කැඳවීමක් අනුව මන්ත්රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලිස් ස්ථානයට පැමිණ ඉදිරිපත්වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා.
ඒ අනුව සැකකාර ප්රාදේශීය සභා මන්ත්රීවරයා පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



