ගාසා තීරයේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දින ගණනක් ආහාර නොගෙන ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරනවා.

ඒ හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් 90,000කගේ පමණ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 122 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර මේ හේතුවෙන් ඔවුන්හට හදිසි ප්‍රතිකාර ලබාදිමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බවයි එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරන්නේ.

ගාසා තීරයට ආහාර හා අනෙකුත් සේවා සැපයීමේ දී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් එහි වෙසෙන ජනතාවට අවශ්‍ය තරම් ආහාර නොලැබීම මෙම උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට හේතු වී තිබෙනවා.

ගාසා තීරයේ මානුෂිය තත්ත්වයන් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව පවතිනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති මානුෂිය අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය බවයි.