ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල ක්‍රියාත්මක අමෙරිකාවේ සහය ලත් මානුෂිය ආධාර මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
අදාළ වෙඩි තැබීමෙන් පලස්තීන ජාතිකයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශය ඊශ්‍රායල හමුදා විසින් පාලනය කරනු ලබන අතර එරට වේලාවෙන් අලුයම 04යි 30ට පමණ වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගාසා තීරයේ රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇති අතර බරපතල තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඛාන් යුනිස් හි නසාර් රෝහල වෙත මාරු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම සිදුවීම මගින් රාෆා හි දරුණු මානුෂීය තත්ත්වයන් ඉස්මතු කර පෙන්වන අතර, මෑත කාලීන ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් ආධාර සහ හදිසි සේවා සඳහා ප්‍රවේශය දැඩි ලෙස සීමා වී තිබෙනවා.
කෙසේවෙතත්, පලස්තීන සහ හමාස් සංවිධානයට සම්බන්ධ මාධ්‍ය චෝදනා කරන්නේ ඊශ්‍රායලය සිදු කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම මරණ සිදු වී ඇති බවයි.
එයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සහ අමෙරිකාව පවසන්නේ හමාස් සංවිධානය විසින් ආධාර බෙදා දීම කඩාකප්පල් කිරීමේ අරමුණින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.