ගාසා තීරයට ඊශ්‍රායලට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊශ්‍රායලය යළි මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළේ ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබියදීයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඊශ්‍රායලය විසින් ගාසා නගරයට මෙන්ම තවත් ප්‍රදේශ හතරක නිවාස, පාසල් සහ නේවාසික ගොඩනැගිලිවලට පහරදී තිබෙනවා. දිගින් දිගටම එල්ල කරන බෝම්බ ප්‍රහාර සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය දුෂ්කර වී ඇති බව ගාසාහි සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අතුරුදන් වූවන් සුන්බුන් යට සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ගාසා තීරයේ සිටින ඊශ්‍රායල සොල්දාදුවන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබාදීමේ කොන්දේසි කඩ කළ බවටත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් චෝදනා කර තිබෙනවා. කෙසේවෙතත් හමාස් සංවිධානය පවසන්නේ තමන් ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බවද හමාස් සංවිධානය අවධාරණය කරනවා.




