ගාසා තීරයේ සිටින සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව අමෙරිකාව පවසනවා.
මේ සම්බන්ධයෙන් විශ්වාසදායක වාර්තා තමන් සතුව ඇති බවත්, එය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ඊයේ නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ පලස්තීනුවන්ට එරෙහිව එලෙස ප්‍රහාරයක් සැලසුම් කර ඇත්නම් එය සටන් විරාම ගිවිසුම සෘජු හා බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන බවයි.
රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නොමැති අතර එය උපුටා දක්වන්නේ කුමන වාර්තාද යන්න පැහැදිලි නොමැති බවද මාධ්‍ය වාර්තා කරනවා.
හමාස් සංවිධානය මෙම ප්‍රහාරය ඉදිරියට ගෙන ගියහොත්, ගාසා තීරයේ ජනතාව ආරක්ෂා කිරීමට සහ සටන් විරාමයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට පියවර ගනු ඇති බවද එම ප්‍රකාශයේ සඳහන් වී තිබෙනවා.
සිවිල් වැසියන් ඝාතනය කිරීමට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබුනා.