ගාසා තීරයේ මිනිසා විසින් සාදන ලද මහා සාගතයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ ආයතන අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ගුවනින් ආහාර හෙළීම තවදුරටත් සිදු කරන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ. සටන් විරාමය ආරම්භ කිරීමෙන් පසු ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර ටොන් 25ක් හෙළුෑ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊශ්‍රායල සහ එක්සත් ජනපදයේ සහය ලබන ගාසා මානුෂීය පදනමේ බෙදාහැරීමේ ස්ථාන අසල ඊශ්‍රායල හමුදාව විසින් බහුතරයක් මරා දමා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මැයි මස අග සිට ආහාර සොයමින් සිටි පලස්තීන ජාතිකයින් 1,373 දෙනෙකු එලෙස ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම සංඛ්‍යාලේඛන සඳහන් කර තිබෙනවා. හමාස් සංවිධානය අදාළ ස්ථාන අසල කලබලකාරී තත්ත්වයක් ඇති කරන බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර තම හමුදා හිතාමතාම සිවිල් වැසියන්ට වෙඩි නොතබන බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Published