අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා සාම යෝජනාව ගෙන ඒම සහ හමාස් සංවිධානය ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ස්ථාවරය පවසා තිබේ.
ඒ අනුව මෝදි පවසා ඇත්තේ ගාසා තීරයේ සාම ප්රයත්නයන් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සහයට ප්‍රසාදය පළ කරන බවයි.
ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් සාම සැලැස්මේ ඇතැම් යෝජනා පිළිගැනීමට හමාස් සංවිධානය එකඟත්වය පළ කිරීමෙන් පැය කිහිපයකට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබිණි.
ඒ අනුව මෝදි පවසා ඇත්තේ ගාසා තීරයේ සාම ප්රයත්නයන් තීරණාත්මක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බැවින් ඒ සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වය ඉන්දියාව සාදරයෙන් පිළිගන්නා බවයි.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පවතින සංඥා සාම ක්‍රියාවලියේ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ කල්පවතින හා සාධාරණ සාමයක් සඳහා වන සියලු උත්සාහයන්ට ඉන්දියාව අඛණ්ඩව සහ දැඩි ලෙස සහාය දෙනු ඇති බවයි.




