ගාසා තීරය සඳහා එක්සත් ජනපද සහාය ලත් සාම සැලැස්මේ පළමු අදියර පිළිබඳ ගිවිසුම පිළිගන්නා බව ඉන්දියාව පවසා තිබේ.
එදිරිවාදිකම් අවසන් කිරීමට සහ ඉන්දියා-ඇමරිකානු වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට ගත් උත්සාහයන් සාර්ථක වීම පිළිබඳව සුබ පැතීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැති දුරකතන සංවාදයකදී මෙම අදහස් පළ කර තිබිණි.
එම දුරකතන සාකච්ඡාව ඉකුත් බ්‍රහස්පතින්දා සිදුව ඇති අතර සැප්තැම්බර් 16 වන දින සිට මෝදි සහ ට්‍රම්ප් අතර පැවැති දෙවන දුරකථන ඇමතුම මෙයයි.
රුසියානු තෙල් මිලදී ගැනීම් සඳහා 25% ක දණ්ඩනීය බද්දක් ඇතුළුව ඇමරිකානු පරිපාලනය ඉන්දියානු අපනයන සඳහා 50% ක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් ඉන්දියා-ඇමරිකානු සබඳතාවල අඛණ්ඩ ආතතිය මධ්‍යයේ මෙය සිදුවිය. වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මෑත දිනවල සම්බන්ධතා පවත්වා ඇත.
“මගේ මිතුරා වන ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කර ඓතිහාසික ගාසා සාම සැලැස්මේ සාර්ථකත්වය පිළිබඳව ඔහුට සුබ පැතුවෙමි. වෙළඳ සාකච්ඡා වලදී ලබා ඇති යහපත් ප්‍රගතිය ද සමාලෝචනය කළෙමි. ඉදිරි සති කිහිපය තුළ සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට එකඟ විය,” මෝදි සමාජ මාධ්‍ය සටහනක පැවසීය.