Published
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ එය අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි.
මෙම ගැඹුරු පීඩන අවපාතය දුර්වල වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.
ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම අඩුවෙමින් ඇතිනම් සුළං අඩු නොවන්නේ ඇයි?
ආපදා අවදානම අඩුවිය හැකි බවට අනාවැකි පළ වුවද අවදානම පිළිබඳව ඇති අවදානය අඩු නොකරන ලෙසයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දුන්නේ.




