Published
අධික වර්ෂාවෙන් මිනිසුන් මෙන්ම සතා සිවුපා වද මේ වන විට ඉතා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අතර ජල ගැල්මට හසු වූ වන අලි පැටවකු පැටවකු පොළොන්නරුව පුලස්තිපුර ශ්‍රී ශාක්‍ය බිම්බාරාමය විහාරස්ථානයට පැමිණ තිබේ.
එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන යටිහල කළ උපතිස්ස නාහිමියන් පවසා සිටියේ මෙම වන අලි පැටවා ගල් ඇල්ල ප්‍රදේශයේ සිට ජල ගංවතුරේ ගසාගෙන ආ බවයි.
මෙම වනාලි පැටවා පිළිබඳව වනජීවී නිලධාරීන් සහ පොළොන්නරුව පොලිසිය දැනුවත් කර ඇති බව උන්වහන්සේ සඳහන් කළේ.




