මෙම මාසයට අදාළව ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතිනු ඇති.

පසුගිය අප්‍රේල් මාසයේ අවසන් වරට ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ දැමුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ.

මේ අතර මෙම මාසයට අදාළව සිපෙට්කෝ ඉන්ධන මිලෙහිද සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ පැවසුවා.

ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් ජුනි මාසයේදීද එලෙසම පවතින බවයි එම සංස්ථාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ.