ගිංතොට දුම්රිය ස්ථානයේදී ඊයේ පීලි පැනීමකට ලක්වූ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ හේතුවෙන් අනෙකුත් දුම්රිය ගමනාගමන කටයුතුවලද ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබියදී එලෙස පීලි පැනීමකට ලක් වුණා. මේ හේතුවෙන් කොළඹ සිට මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
Published