Published
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හා වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ, උඩකැලෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හා වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත්කර තිබෙනවා.
සැකකරු 55 හැවිරිදි මීටියාගොඩ, උඩකැලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි ආනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.