Published
අනවසර ගිනි අවි භාවිත කරමින් රක්‍ෂිතවලට ඇතුල්වන සහ දඩයමේ යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේ පසුගිය කාලයේ අලින්ට සිදු කර ඇති වෙඩි තැබීම් හමුවේ එම පියවර ගත් බවයි.
වනාන්තර තුළ සහ ඉන් පිටතදී අලින් මියයන ප්‍රමාණය අවම කර ගැනීම සඳහා රජය මේ වන විටත් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.