Published
කොළඹ ප්‍රදේශ දෙකකදී මේ වන විට විරෝධතාවක් සහ සත්‍යග්‍රහයක් පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වන්නේ රජයේ පාසල් ගුරුවරුන් පිරිසක්. තමන් උගන්වනු ලබන පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිය දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව යළි ලබා දෙන ලෙස ඉල්ලමින් එලෙස විරෝධතාවයේ නිරත වන බවයි ගුරු දරුවෝ එකමුතු සංවිධානයේ සම සභාපති ඉන්දික අබේසිංහ මහතා පැවසුවේ.
මේ අතර අත්හිටවූ දීමනාව ලබා දෙන ලෙස බලකරමින් ආබාධිත රණවිරුවන් මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී සග්‍යග්‍රහයක නිරත වනවා. මේ, ඒ සම්බන්ධයෙන් නෙන් නිවුස් වෙත කරුණු දැක්වූ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම්, විශ්‍රාමික ආබාධිත රණවිරු නිශාන්ත හේරත් මහතා. කෙසේවෙතත් අද දින දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ සිය වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.
