ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා, දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජන පැමිණිලි, අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විමර්ශන කමිටුව පිහිටුවනු ලැබුවේ පසුගිය ජූනි 30 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් අනුවයි. ඒ අනුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේව්‍ය, සේවකයින්, මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට කමිටුව අපේක්ෂා කරනවා. 2025 සැප්තැම්බර් 05 දිනට පෙර ඊමේල් මඟින් හෝ වට්ස්ඇප් මඟින් ඒ සඳහා ඉල්ලීමක් කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකි බවයි ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව නිවේදනය කළේ. ඊට අදාළ ඊමේල් ලිපිනය සහ වට්ස්ඇප් අංකය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ දැක්වෙනවා.