Published
ගුවන් මගියෙකු විසින් මෙරටට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් කෝටි එකසිය දහයක් වටිනා කිලෝ ග්‍රෑම් 35කට අධික බරකින් යුතු රත් තොගයක් එලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
එම රන් තොගය මෙරටට ගෙන ඒම සඳහා, විශේෂයෙන් සකස් කළ, මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09ක් තුළ සඟවා ඒවා සිය ගමන් මල්ලේ සඟවා ගෙන සැකකාර ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
රන් බිස්කට් 195ක් සහ කිලෝ ග්‍රෑම් 13ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙසේ අත්අඩංගුවට ගත් රත්‍රන් තොගයේ වනවා.