Published
එංගලන්තයේ ගිනිකොනදිග වෙරළ තීරයේ ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක්.
සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගතවූ කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු මෙලෙස කඩා වැටි ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.
හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරණ අතර ගුවන් යානයේ කොපමණ පිරිසක් සිටියාද යන්න හෝ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව බලධාරීන් තවමත් අනාවරණය කර නොමැත.