ශ්‍රී ලංකාවට අයත් සාගර සහ ගුවන් අවකාශය තුළ යම් අනපේක්ෂිත අන්දමින් ගුවන් යානයක් අතුරුදන් වීමකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක ඒ වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබද ශ්‍රී ලංකාවේ පළමු වරට තෙදින ඒකාබද්ධ වැඩමුළුවක් (03) දින උදෑසන 09.00 ට කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී ශ්‍රවණාගාරයේ දී ආරම්භ වි තිබෙනවා.

මෙම වැඩමුළුව සහ පුහුණු අභ්‍යාසය ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් සම්බධීකරණ මධ්‍යස්ථානය සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බධීකරණ මධ්‍යස්ථානය සමග ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කර තිබුණා.

මේ සදහා ශ්‍රී ලංකා පොලීසිය, ගුවන් හමුදාව, නාවික හමුදාව, යූධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හ ධීවර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ෆිට්ස් එයාර් ගුවන් සේවය, සිනමන් එයාර් ගුවන් සේවය සේවය ඇතුළු රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සහ සංවිධාන 21 ක නියෝජිතවරුන් 75ක් වන පිරිසක් පැමිණ සහභාගී වී තිබෙනවා.

පළමු වරට ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන මෙම අභ්‍යාසය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ නිර්දේශ වලට අනුව සිදුවන්නක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය ගෝලීය මට්ටමේ සුරක්ෂිත සහ ශක්තිමත් ස්ථානයක් කරා ඔසවා තැබීමට හේතු වී තිබෙනවා.