මහජනතාව හා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් ගුවන් හමුදාව වෙත ලබාදුන් වියලි ආහාර හා මුදවා ගැනිමේ උපකරණ තොගයක් ආපදාවට පත් ජනතාව වෙත ලබා දීම සඳහා ගුවනින් ප්රවාහණය කිරීමද අද සිදු වුණා.
එහිදී වියලි ආහාර 1700 Kg ක් MI 17 හෙලිකොප්ටර් යානයකින් කොත්මලේ ප්‍රදේශයට ගුවන් මගින් රැගෙන ගියා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දුන් මුදවා ගැනීමේ උපකරණ තොගයක් Y-12 ගුවන් යානයකින් මඩකලපුව හා අම්පාර ගුවන් හමුදා කදවුර වෙත ගුවන් මගින් රැගෙන යාමටයි කටයුතු කර තිබුණේ.
ආපදා හේතුවෙන් විපතට පත් මාවිල්ආරු හා අනුරාධපුර ජනතාව වෙත ලාබා දීමට 1100 Kg බැගින් වියලි ආහාර රැගත් Y-12 ගුවන් යානා දෙකක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට චිනවරාය හා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු වෙත ද අද පිටත්ව ගියා.
හලාවත හා මහනුවර උඩුදුම්බර ප්‍රදේශවල විපතට පත් ජනතාව සඳහා BEL-412 හෙලිකොප්ටර් යානා දෙකකින් වියලි හා පිසූ ආහාර ගුවන් මගින් රැගෙන ගියා.




