මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තා. ඒ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපළ සම්බන්ධයෙන් වූ සිද්ධියක් මුල්කර ගනිමින්. අදාල ගොඩනැගිල්ල 2022 වසරේ මැයි මස 09 වන දින ඇති වූ අරගලයේ දී හානියට පත්වීමෙන් පසු එකී දේපල සඳහා වන්දි ගෙවීමේ දී එම දේපල ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි අල්ලස් කොමිසම පැවසුවේ. කෙසේවෙතත් ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිතා කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබාගෙන ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළා. ඒ අනුව දුෂණය නැමැති වරද සිදු කිරීම, සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනා මත ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Published