මේ අතර ජාතික ගොඩනැගිලි පරික්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ අවදානම ක්‍රමයෙන් පහව යමින් තිබුණ ද තමන් ජීවත් වූ නිවාසවලට යාමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් 336ක් තවමත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේ හානියට පත් නිවාස සංඛ්‍යාව පිළිබඳ දත්ත තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ ආපදා සිදු වේ යැයි අපේකෂාවෙන් ඉවත් කළ යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවෙන් දුරකථන අංක කිහිපයක් ද අද හඳුන්වා දුන්නා.