කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල පොලිස් වසමේ පිහිටි ආපනශාලාවක තිබී කේරළ ගංජා කිලෝ 06යි ග්‍රෑම් 290ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා ගොකරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.