Published
මේ වන විට ගොවි ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.
ඒ, දැන් පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථාවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ වැය ශීර්ෂ මෙන්ම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.
ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදය තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. එහි තවත් තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් බලාපොරොත්තු වන්න.




