මෙවර ඉදිරිපත් කළ අයවැයෙන් ගොවි ජනතාවට සාධාරණයක් ඉටු වී නොමැති බව ගොවි සංගම් පවසනවා.

ලොකු ලූනු ගොවීන්ට මෙන්ම අල ගොවීන්ට ද සිය අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගොවි හඬ සංවිධානය පවසන්නේ.

එවන් පසුබිමක් තුළ අද දිනයේදී දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංගමයේ නියෝජිතයින් මාධ්‍ය හමු කිහිපයකට එක්වෙමින් සඳහන් කළේ.

ඒ අනුව දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, අස්වනු ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් අද දිනයේ ඉවත් වන බවද ඔවුන් කියා සිටියා.

කෙසේවෙතත් වර්ජනයක නිරත වන ගොවි සංගම් නියෝජිතයින් සම්බන්ධයෙන් සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා නෙත් නිවුස් වෙත දැක්වූයේ මෙවන් අදහසක්.