රාගම බටුවත්ත ප්‍රදේශයේදී ඉකුත් 03 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් සහ මිලිග්‍රෑම් 600ක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ත්‍රිරෝද රථයකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අදාළ ඝාතනය සිදු කර තිබුණා.