පිලිපීනයේ හිටපු නගරාධිපතිනියකට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ පිලිපීන නගරාධිපතිවරියකට එලෙස මිනිස් ජාවාරම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බවයි.
මැනිලා අගනුවරට උතුරින් පිහිටි කුඩා නගරයක නගරාධිපතිනිය ලෙස සේවය කළ ඇලිස් ගුඕ එම සිර දඬුවමට ලක්ව තිබේ.
ඇය සිය ගණනක් බලහත්කාරයෙන් වැඩ කිරීමට හෝ වධහිංසා පැමිණවීමේ අවදානමට ලක් කරන ලද චීනය විසින් මෙහෙයවන ලද අන්තර්ජාල සූදු මධ්‍යස්ථානයක් අධීක්ෂණය කිරීමේ වරදට වරදකාරිය වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
නඩු විභාගයේදී අනාවරණ වී ඇත්තේ 35 හැවිරිදි ඇය පිලිපීන ජාතිකයෙකු නොව, නව යොවුන් වියේදී සංක්‍රමණය වූ චීන පුරවැසියෙකු බව විමර්ශකයින් අනාවරණ කර ගෙන ඇති බවයි.
ඇගේ ඇඟිලි සලකුණු මගින් ඇගේ සැබෑ නම ගුඕ හුවා පිං බවත් ඇය ගිනිකොනදිග චීනයේ ෆුජියන් පළාතේ උපත ලබා ඇති බවත් තහවුරු වී තිබේ.
පසුව ඇයට ධනවත් චීන ව්‍යාපාරිකයන් ගණනාවක් සමඟ සම්බන්ධතා ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇය සමඟ දැන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය චෝදනාවලට මුහුණ දෙමින් සිටින බව ද වාර්තා වේ.




