චීනයට රාජ්‍ය රහස් හෙළි කළ නීති සම්පාදකයෙකු සම්බන්ධයෙන් තායිවානය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ චීන ජාතිකවාදී පක්ෂයේ නීති සම්පාදක Cheng Cheng-chien ට එරෙහිව තායිවාන නඩු පවරන්නන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
චීනයෙන් මැතිවරණ අරමුදල් ලබා ගැනීම සහ රජයේ රහස් හෙළි කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතරට අයත්.
චීනයේ තායිවාන කටයුතු කාර්යාලයෙන් පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමට සහ චීනයේ ජනප්‍රිය පණිවිඩකරණ යෙදුමක් වන WeChat හරහා චීනයේ තායිවාන කටයුතු කාර්යාලය වෙත රජයේ ලේඛන සම්ප්‍රේෂණය කිරීමට ඔහුගේ දුරකථනය භාවිතා කරන ලෙස චෙන් නමැත්තා ඔහුගේ සහායකයාට උපදෙස් දුන් බව පැමිණිල්ලේ සඳහන් වන බව තායිපේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
මීට අමතරව, සැකකරු තම සහයකයාගේ වැටුප් ගෙවීමෙන් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවටත් නඩු පවරන්නන් චොදනා කරයි.
එමෙන්ම සැකකරු ඔහුගේ සහයකයාට නීතියෙන් නියම කර ඇති පරිදි අනිවාර්ය ශ්‍රම සහ සෞඛ්‍ය රක්‍ෂණයක් ලබා දීම නොසලකා හැර ඇති බවත් පැවසේ.