චීනයේ ඔත්තු බැලීම සහ බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය අඩපණ කිරීමට චීනය දරන උත්සාහයන් මෑත වසරවලදී ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩේවිඩ් ලැමි පාර්ලිමේන්තුවට පැවසුවේ මෙම සොයාගැනීම් හේතුවෙන් කම්කරු පරිපාලනය සිය ඔත්තු සේවා සඳහා පවුම් මිලියන 600 ආයෝජනය කරන බවයි.
අග්‍රාමත්‍ය කියර් ස්ටාර්මර් පසුගිය ජූලි මාසයේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වීමෙන් පසු චීනය සමඟ බ්‍රිතාන්‍යයේ සබඳතා පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට උපදෙස් ලබා දී තිබිණි.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වෙළඳාම සහ ආයෝජන සබඳතාවයක් සඳහා චීනය සමඟ ඉහළ මට්ටමේ මැදිහත්වීමක් නිර්දේශ කර ඇති අතර, චීනයෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව ප්‍රතිරෝධය ගොඩනැගීම ද නිර්දේශ කර ඇත.
චීනය නවීන සහ නොනවතින තර්ජනයක් බව බ්‍රිතාන්‍ය වටහාගෙන සිටින බව එහිදී අමාත්‍ය ඩේවිඩ් ලැමී පැවසුවේය.
“අපගේ සමීපතම සගයන් මෙන්, අපට හැකි සෑම තැනකම අපි සහයෝගයෙන් කටයුතු කරන්නෙමු, අපට අවශ්‍ය තැනට අපි අභියෝග කරන්නෙමු,” ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ අපගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසි විටෙකත් සම්මුතියකට නොපැමිණෙන බවයි.