Published
චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එහි ප්‍රථම මංගල ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් යොදවා ඇත්තේ බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක්. එම ගුවන් යානය චීනයේ කුංමිං නුවර සිට මෙටි්‍රක් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. අද සිට සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතයි.