චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන ඔහු ලබන බදාදා දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි. ඔහුගේ මෙම නිල සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. එමෙන්ම එම අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හිමාලයේ මතභේදාත්මක දේශසීමා පිළිබඳව ද එම සංචාරයේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි. මෙම සංචාරයට සමගාමීව දෙරටේ විදේශ අමාත්‍යවෘන් අතර විශේෂ ද්විපාර්ශවික සාකච්ඡා වටයක් ද පැවැත්වෙනු ඇති. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කලාපීය ආරක්ෂක කණ්ඩායමක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා මේ මස මාසය අවසානයේදී චීනයට යාමට අපේක්ෂාවෙන් සිටින පසුබිමක චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරය සිදුවීම විශේෂත්වයකි. එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතයි.
Published