බංගලාදේශ ජාතික ආරක්ෂක උපදේශක Khalilur Rahman එරට වැඩබලන චීන තානාපති Liu Yuyin හමුවී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම හමුවීම ආරක්ෂක උපදේශකවරයාගේ චීන සංචාරයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විය හැකි බවයි.

බංග්ලාදේශයේ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-uz-Zaman මෙම මස අගදී චීනයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

එහෙත් බංගලාදේශ ජාතික ආරක්ෂක උපදේශක Khalilur Rahman, හමුදාපතිවරයාට පෙර චීනයට යාමග උත්සහ දරන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

එම චීන සංචාරයේදී ඔහු පකිස්තාන බුද්ධි ප්‍රධානී සහ එරට ජාතික ආරක්ෂක උපදේශාක ද වන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අසීම් ​​මලික් ද හමුවිය හැකි බව වාර්තා වේ.

බංග්ලාදේශ හමුදා ප්‍රධානියා සහ එරට අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස් අතර මතභේදාත්මක තත්වයක් වර්ධනය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

ඒ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්.

බංග්ලාදේශයේ මහ මැතිවරණය දෙසැම්බර් මාසයේදී පැවැත්විය යුතු බව හමුදා ප්‍රධානියා අවස්ථා කිහිපයකදී අවධාරණය කළේය.

එහෙත් අන්තර්වාර රජයේ ප්‍රධානියා මහ මැතිවරණය කැඳවා ඇත්තේ ලබන වසරේදියි.