Published
ඉදිරියේදී කිසිදු අනවසර ඉදිකිරීමකට ඉඩ ලබා නොදෙන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
නාවලපිටිය - මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ, ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය නායයෑමෙන් පසු යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව සිදුකරන එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
කොත්මලේ ජලාශය ආශ්‍රිතව ඇති වූ ආපදා තත්ත්වයන් වැඩිවීමට හේතුවූයේ ආණ්ඩුවට හිතවත් ඉංජිනේරුවරුන් පිරිසක් එම ජලාශය භාර ඉංජිනේරුවරුන් වශයෙන් පත් කිරීම බවට විපක්‍ෂය එල්ල කරන චෝදනාවලටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නා.





