රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කරන චෝදනා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව එම අමාත්‍යංශය පවසන්නේ අමෙරිකාව එල්ලා කරන චෝදනාවල කිසිඳු සාධාරණත්වයක් නොමැති බවයි.
ඉන්දියාව රුසියාවෙන් ආනයනය කරනු ලබන්නේ අවශ්‍යතාවය මත පමණක් බව ද අමෙරිකාවට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.
එමෙන්ම ඉන්දියානු පාරිභෝගිකයින් සඳහා පුරෝකථනය කළ හැකි සහ දැරිය හැකි බලශක්ති පිරිවැය සහතික කිරීම අරමුණු කර ගනිමින් ඉන්ධන ආනයනය සිදු කරන බව ද අමාත්‍යංශය පවසයි.
එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අමෙරිකාව ඉන්දියානු වෙළඳ ප්‍රතිපත්තිය විවේචනය කිරීම අසාධාරණ බවයි.
ඉන්දියාව සිය ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ.




