වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රටේ පවතින තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කර ගැනීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ පවතින දේශපාලන තත්ත්වය මත ආණ්ඩුව කිසි ලෙසකින්වත් පළාත් සභා මැතිවරණය නොපවත්වන බවයි.

කෙසේවෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව පිළිබඳ ඇති විශ්වාසය හේතුවෙන් රට ගොඩනැගීමට ආධාර රැසක් ලැබෙමින් ඇති බවයි.