පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එහිදී පැවසුවේ ඕනෑම ආකාරයකින්, කඩිනමින් මැතිවරණය පැවැත්වීමට සමගි ජන බලවේගයේ පූර්ණ සහාය ලබාදෙන බවයි.
මෙහිදී සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ කඩිනමින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යාමෙන් ගැටලු මතුවිය හැකි බවයි.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා.
අනතුරුව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කිරීම පිළිබඳ අදහස් පළ කළ අතර එහිදී සභාවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ත්‍රිකුණාමලයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අදයි. අද දිනයේ විවාදයට ගැනෙන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය හා කම්කරු අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.


