කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් පැවරෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට ද යොදාගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැගීමේ වගකීමක් වර්තමාන පරම්පරාවට පැවරී ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
අදට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් කෑගල්ල නිදහස් මාවතේ පැවති සැමරුම් උලෙළකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
වර්තමානයේ පරිසරයට අත්වී ඇති ඛේදවාචකය දිගු කාලීන මිනිස් ක්‍රියාවාලියක ප්‍රතිඵලයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.
මෙවර ජගත් පරිසර දින තේමාව “ප්ලාස්ටික් භාවිතය දුරලමු” වන අතර, එම මූලික තේමාව පෙරදැරිව “දලුලන්න – ඉඩදෙන්න” යන තේමාව යටතේ දේශීයව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීමට රජය විසින් අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.