දේශපාලඥයින් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා මේ වන විටත් නීති සම්පාදන කරමින් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

බලපිටිය ප්‍රධාන තැපැල් කාර්යාලය සඳහා වන ස්ථිර ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා.