මෙවර අයවැයෙන් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් මහාමාර්ග හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවති සාකච්ඡාවකදීයි.
එම සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ වන විට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිළිබඳව එහිදී නිලධාරින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය හා ඒවා ක්‍රියාවට නැංවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.